වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක්;හමුදාව සීරුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හෙලිකොප්ටර් යානයකින් පැමිණ වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙඩි තබමින් අත්බෝම්බ වලින් පහර දෙනු ලැබීමෙන් අනතුරුව යුද හමුදාව සීරුවෙන් තබා ඇත.
වෙනිසියුලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් හැටියට හෙළා දකිමින් එය පිටුපස සිටින්නන් අල්ලා ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.
ප්‍රහාරය සඳහා යොදා ගන්නා ලද හෙලිකොප්ටර් යානය පැහැර ගත් පුද්ගලයා ලෙස සැලකෙන ඔස්කාර් පෙරේෂ් (Oscar Perez) නම් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශයක් නිකුත් කරමින්, ප්‍රහාරය "සාපරාධී ආණ්ඩුවකට" එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් ලෙස විග්‍රහ කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
සිය අධිකාරිවාදී පාලන බලය තවත් දැඩි කරනු ලැබීම සහ රටේ ජීවන මට්ටම පිරිහීම මුල්කර ගනිමින් පසුගිය මාස කීපය තුළ දියත් කෙරුණ මහජන විරෝධතා ව්‍යාපාරවලට මුහුණ දීමට ජනාධිපති මදුරෝට සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජනාධිපතිවරයාගේ බල අධිකාරය ශක්තිමත් කෙරෙන තීන්දු ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයත් බොහෝ විරෝධතාවාදීන්ගේ උදහසට ලක්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Instargram





