
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති, නිකොලස් මදුරෝ,( Nicolas Maduro) කඩිනමින් ජනාධිපතිවරණයක් කැඳවන මෙන් මැතිවරණ බලධාරීන්ට දැනුම් දෙයි.
අභාවප්‍රාප්ත ජනාධිපති හියුගෝ චාවෙෂ්ගේ ඉතා දැඩි සංවේගාත්මක අවමඟුල් උළෙලින් පසුවයි, නිකොලස් මදුරෝ වැඩ බලන ජනාධිපතිවරයා හැටියට දිව්රුම් දෙනු ලැබුවේ.
ඉන් අනතුරුව ඉතා දීර්ඝ කතාවක් කළ ජනාධිපති මදුරෝ, හියුගෝ චාවෙෂ්ගේ පිළිවෙත දිගටම පෙරට ගෙන යන බවට ප්‍රතිඥාවක් දුන්නේය.
එහෙත් වෙනිසියුලානු විපක්ෂයේ බොහෝ නියෝජිතයෝ එම අවස්ථාව වර්ජනය කළහ.
ඔවුන් කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි වැඩබලන ජනාධිපති පදවිය ජාතික ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කතානායකවරයා විසින් දැරිය යුතු බවයි.
විපක්ෂ නායක හෙන්රික් කැප්රිල්ස් (Henrique Capriles) ප්‍රකාශයක් කරමින්, වෙනිසියුලානු ජනතාව නිකොලස් මදුරෝට ඡන්දය දී නැති බව සඳහන් කළේය.












