ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්න;ගිනි නිවන භටයෝ 24 වෙනි මහලේ
ලංඩන් අගනුවර 'කෙන්සින්ටන් චෙල්සී' උපනගරයේ ගින්නට ගොදුරු වූ තට්ටු නිවාස සංකීර්ණයේ ජීවත් වූ බොහෝ දෙනකු පිළිබඳව තවමත් තොරතුරු ලැබී නැති බව බලධාරීහු පවසති.
අඟහරුවදා (ජූනි 13)මධ්‍යම රාත්‍රියේ මහල් විසිහතරකින් යුක්ත වූ 'ග්‍රෙන්ෆෙල් ටවර්' තට්ටු නිවාසයේ ඇති වූ ගින්නෙන් දොළොස් දෙනෙකු මරණයට පත්ව ඇතිබව දැනට ප්‍රකාශයට පත්කොට ඇත.
තවත් පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති.
එහෙත් නිවාස 130 කින් පමණ යුත් 'ග්‍රෙන්ෆෙල් ටවර්' තට්ටු නිවාසයේ ජීවත් වූ ඇතැම් පවුල් පිළිබඳව මෙතෙක් තොරතුරක් ලැබී නැත.
ගිනි නිවන හමුදා භටයන් ඊයේ (14) රාත්‍රිය පුරාත් තට්ටු නිවාස ගින්න නිවා දැමීමේ සටනක නිරත වෙමින් සිටි අතර ගොඩනැගිල්ලේ ඇතැම් තැන්වල තාමත් ගිනිදලු දක්නට ලැබෙයි.
මේ අතර ගිනි නිවන හමුදා භටයන් තට්ටු නිවාස සංකීර්ණයේ විසි හතර වෙනි මහලට ලඟා වූ බව නිවේදනය කෙරුණි.
එහෙත් ඔවුන්ට නිවාස සංකීර්ණයේ හැම කොටසක්ම පිරික්සීමට තවමත් නොහැකි වී ඇත.
ගින්න නිසා දැඩි පීඩාවට පත් ජනයාට ආණ්ඩුව විසින් නවාතැන් පහසුකම් සපයා ඇති අතර විපතට පත් සෙසු ජනයා දේවස්ථාන,ප්‍රජා ශාලා සහ ක්‍රීඩාගාර ආදියේ රැඳී සිටිති.
ගින්නට ගොදුරුව මරණයට පත් වූවන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුමේදී ගිනි නිවන හමුදා භටයන්ට ගොඩනැගිල්ල තුළ සෝදිසි කිරීම් සඳහා ආරක්‍ෂිත තත්වයක් පවතීද යන්න සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇත.
'ග්‍රෙන්ෆෙල් ටවර්' තට්ටු නිවාසයේ ගින්න ආරම්භ වී එය පැතිරෙමින් පවතිද්දී සිය නිවාසවල කවුළු අසල සිට උදව් ඉල්ලා හඬ නගමින් සිටි නිවෙස් තුළ සෝදිසි මෙහෙයුම් තවමත් ආරම්භ කර නැත.
ගින්නට ගොදුරු වූ තට්ටු නිවාසය තුළ කිසිවකු පණ පිටින් සිටියොත් එය ආශ්චර්යක් වන බව ලංඩන් ගිනි නිවන හමුදාව භාර කොමසාරිස් ඩැනී කොටන් (Dany Cotton) පවසයි.
දැවී ගිය ගොඩනැගිල්ල කඩා නොවැටීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් තක්සේරුවක් කොට එහි පැවැත්ම තහවුරු කෙරෙන තෙක් සිය ගිනි භටයන් ඊට ඇතුල් කොට ඔවුන්ගේ ජීවිත පරදුවට තැබීමට තමන් පියවර නොගන්නා බවත් කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
මෙය 'කළමනාකරණයේ වරදක්' (corporate manslaughter ) නිසා සිදු වූ ජීවිත විනාශයක් යයි පවසන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමී (David Lammy) ඒ සඳහා වගකිව යුත්තන් අත්අඩංගුවට ගත යුතුව ඇතැයි කියා සිටියි.