ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆ්ලොරිඩාවේ වෙඩි තැබීමක්: 'කිහිප දෙනෙක් මරුට'
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර වෙඩි තැබීමකින් කිහිප දෙනෙක් මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි.
සඳුදා උදෑසන නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ වෙඩිතැබීම සිදු වූ බව Orlando Sentinel පුවත්පත වාර්තා කරයි.
මීට වසරකට පමණ ඉහතදී ඔර්ලන්ඩෝ නුවර 'පල්ස්' (Pulse) රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 49 දෙනෙකු මරුමුවට පත්විය.
වෙඩි තැබීම් දැන් නතර වී ඇති බව පවසන පොලිසිය, පරීක්ෂණ සඳහා දැන් එෆ්බීඅයි (FBI) විමර්ශකයන් එහි ලඟා වී සිටින බවත් සඳහන් කරයි.
මෑත ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ බරපතලම මහා වෙඩි තැබීම ලෙස සැලකෙන පසුගිය වසරේ ජුනි මාසයේ සිදු වූ ප්‍රහාරයේදී ඔමාර් මටීන් විසින් සම රිසි රාත්‍රී සමාජ ශාලාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් 49 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.
ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහු වෙඩි තබා මරා දමන ලදි.