ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆ්ලොරිඩා ප්‍රහාරය: 'ඔමාර් තෙවරක් ප්‍රශ්න කිරීමට ලක්වූ අයෙක්'
ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු ලෙස සිදුවුණු වෙඩි තබා සමූහ ඝාතනය කිරීමේ සිදුවීම ලෙස සැලකෙන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕර්ලන්දෝහි වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුවා ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ට පක්ෂපාතීභාවය දක්වන බවට ප්‍රතිඥා දී සිටි අයෙක් බව FBI කාර්යාංශය පවසයි.
ඔමාර් මටීන් විසින් ඉරිදා 'පල්ස් නයිට් ක්ලබ්' හිදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් පනස් දෙනෙකු මියගොස් තවත් පනස් දෙනෙකුට තුවාල සිදුවිණි.
සිරියානු මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු සමග තිබූ සම්බන්ධයක් සහ රැකියා ස්ථානයේ දී ගැටුම් ඇතිවන අන්දමේ අදහස් දැක්වීම් හේතුවෙන් ඔමාර් මටීන් 2013 වසරේ සිට තුන් වතාවක් ප්‍රශ්න කිරීමට ලක්වී සිටි අයෙක් බවයි FBI කාර්යාංශය ප්‍රකාශකළේ.
මටීන් ගේ පෙර බිරිඳ සිතෝරා යුසුෆි පැවසුවේ මටීන්ට මානසික අසමතුලිතතාවයක් තිබූ බව දැන සිටියත් ඔහු ආගමික අන්තවාදියෙකු බව නොදැන සිටි බවයි.