ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලයේදී ට්‍රම්ප්ගෙන් ඉරානය ගැන අනතුරු ඇඟවීමක්
ඉරානය, ත්‍රස්තවාදයට සහ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙන බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස බල කර සිටී.
ඉරානය න්‍යෂ්ටික අවි බලය අත්පත් කර ගෙන ඇත්නම් ඉන් ඇති විය හැකි තර්ජනය පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ සිය ඊශ්‍රායල සංචාරය අරඹමිනි.
ජෙරුසෙලමේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපතිවරයා "න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමට ඉරානයට කිසිදා අනුමැතිය නොදිය යුතුයි" යනුවෙන් සඳහන් කළේය.
ඇමරිකානු ජනාධිපතිවරයා එම අදහස් පළ කරන අවස්ථාවේ ඊශ්‍රායලයේ ජනාධිපති රූවන් රූබිරිව්ලන් ද එහි විය.
මේ අතර දෙවෙනි වරටත් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ඉරාන ජනාධිපති හසන් රුහානි කියා සිටියේ මැදපෙරදිග ත්‍රස්තවාදයට එරෙහිව සිට ගත්තේ ඉරානය සහ එහි මිත්‍ර පාර්ශ්වවන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වැනි කණ්ඩායම් බවය.
ඉරානයේ සහාය නොමැතිව කලාපීය ස්ථාවරත්වය ළඟා කර ගත නොහැකි බව ද ජනාධිපති රුහානි පැවසීය.
ඊශ්‍රායලය සහ පලස්තීනය
ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය බලා පැමිණියේ ඇමරිකාවට වැදගත් මිත්‍ර රටක් වන සෞදි අරාබියේ සංචාරය නිම කරමිනි.
එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින්, සමුළුවකට සහභාගී වූ අරාබි සහ මුස්ලිම් නායකයන් අමතනු ලැබීය.
ජෙරුසෙලමට පැමිණ සිටින ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් හමු වනු ඇත.
දින අටක නිල සංචාරය ඇතුළත ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බ්‍රසල්ස් නුවර මෙන්ම වතිකානය සහ සිසිලියට ද යාමට නියමිතය.