කාන්තා ලෝක වාර්තාවක්;අට වතාවක් එවරස්ට් කඳු මුදුනේ

අටවතාවක් එවරස්ට් තරණය කිරීමේ අභිමානය
ඡායාරූප ශීර්ෂ වැකිය, අටවතාවක් එවරස්ට් තරණය කිරීමේ අභිමානය

අට වතාවක් එවරස්ට් තරණය කළ පළමු කාන්තාව ඉතිහාසයට එක්විය.

එම ලෝක වාර්තාව තබන ලද්දේ හතළිස් හතර වියේ පසුවන ලඛ්පා ෂාර්පා (Lhakpa Sherpa) නම් කාන්තාව විසිනි.

නේපාලයේ උපත ලද ලඛ්පා ෂාර්පා දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන්නීය.

නේපාලයේ වේලාවෙන් අද (මැයි 13) උදෑසන තම සහෝදරිය එවරස්ට් කඳුමුදුනට ලඟා වූ බව ඇයගේ සහෝදරයකු විසින් සහතික කරනු ලැබුණි.

ගුවන් විදුලි සන්නිවේදනය මගින් ඔහු සිය සහෝදරිය සමඟ අදහස් හුවමාරු කරගනු ලැබ ඇත.

ලඛ්පා ෂාර්පා දැන් ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ලඛ්පා ෂාර්පා දැන් ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

ලඛ්පා ෂාර්පා ඇතුළු කණ්ඩායම ආපසු කන්ද බැසීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.

මේ අතර අද (13)සය දෙනකුගෙන් සමන්විත ඉන්දියානු කණ්ඩායමක් ද එවරස්ට් මුදුනට ලඟා වූහ.

එවරස්ට් තරණය සඳහා සඳහා නේපාල දොරටුවේ තවත් කඳු නගින්නන් හත්සිය පනහක් පමණ රැඳී සිටින අතර තවත් තුන්සීයක් පමණ ටිබෙට් දොරටුවේ සිටින බවත් වාර්තා වෙයි.

එවරස්ට් තරණයට සහතිකයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, එවරස්ට් තරණයට සහතිකයක්