ට්‍රම්ප් නිසා සබඳතා වැටිලා - පුතින්

Trump / Clinton composite

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බව ජනාධිපති පූතින් පවසයි

සිරියාව සහ බෂාර් අල් අසාද් පාලනය මුල් කර ගනිමින් ඇමරිකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ යමින් පවතී.

කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වූ අතර රසායනික ප්‍රහාර දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට ඇමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙනි.

කෙසේ නමුත් රසායනික අවි යොදා ගත් බවට නැගෙන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

අසාද් පාලනයට සහාය ලබා දීමෙන් වැළකී සිටින ලෙස ඇමරිකාව ක්‍රෙම්ලිනයෙන් ඉල්ලා සිටින අතර රුසියාවේ සිරියානු පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ වන විට මොස්කව් නුවර සංචාරයක නිරත වී සිටී.

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝෆ් සමග පැවැත්වෙන සාකච්ඡා ආරම්භයේ අදහස් පළ කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දෙරටේ අනාගත සබඳතා පිළිබඳ ඉතාමත් මිත්‍රශීලී සංවාදයක් පැවැත්වෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

රුසියාව සහ සිරියාව

U.S. Navy guided-missile destroyer USS Porter (DDG 78) conducts strike operations while in the Mediterranean Sea which U.S. Defense Department said was a part of cruise missile strike against Syria

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිසයිල ප්‍රහාර දියත් කිරීම සඳහා ඇමරිකානු හමුදාවට අයත් USS පෝටර් යුද නෞකාව යොදා ගැනිණි

රුසියාව, සිරියාවේ අසාද් පාලනයට සහාය ලබා දෙන ප්‍රධාන මිත්‍ර රටකි.

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේ සැක කටයුතු රසායනික ප්‍රහාරයක් දියත් කිරීමත් සමග සිරියාව සම්බන්ධයෙන් තමන් දක්වන ලද ආකල්පය වෙනස් වූ බවය.

කෙසේ නමුත් අසාද් පාලනයට සහාය ලබා දීම නවතා දමනු වස් රුසියාවට පීඩනයක් එල්ල කෙරෙනු ඇති බවට කරන යෝජනා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් ප්‍රතික්ෂේප කරයි.

සැක කටයුතු රසායනික අවි ප්‍රහාරය දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ හමුදා කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස රුසියාව හඳුන්වයි.

ට්‍රම්ප් ගැන පූතින්

Vladimir Putin

ඡායාරූප මූලාශ්‍රය, EPA

රුසියාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් එරට ජනාධිපති ව්ලැද්මීර් පුතින් වොෂිංටන් පාලනයේ මිත්‍ර රටවල් විවේචනයට ලක් කළ අතර අසාද් පාලනයට තවදුරටත් සහාය ලබා දෙන බව තහවුරු කළේය.

"ඇමරිකාව පසුගියදා සිරියාවට මිසයිල ප්‍රහරායල් එල්ල කළා. ඊට නේටෝ රටවල් ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? සිදු වන්නේ කුමක්ද කියලා විශ්ලේෂණය කරන්නේ නැතිව ඔවුන් සියලු දෙනාම, ඔලු හොල්ලන චීන බෝනික්කෝ වගේ ඔලුව හෙල්ලුවා විතරයි" යනුවෙන් ජනාධිපති පූතින් කියා සිටියේය.

සිරියානු හමුදාව රසායනික අවි භාවිත කරන බවට පවතින සාක්ෂි මොනවාදැයි ජනාධිපති පූතින් ප්‍රශ්න කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බවත් ජනාධිපති පූතින් එහිදී සඳහන් කළේය.

සිවිල් යුද්ධය

US President Donald Trump at a meeting with US Secretary of State Rex Tillerson at the Mar-a-Lago estate in Palm Beach, Florida, 7 April 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් දෙරටේ "හමුදාමය සබඳතාවල" විශ්වාසය පිරිහී ඇති බවය.

line
line

කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් සිරියාවේ සිවිල් යුද්ධයට මැදිහත් නොවන බවය.

ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ඇමරිකාව ලබා දී අති මූලිකත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියා සිටියේය.