"රසායනික අවි ප්‍රහාරය මරණ පරීක්ෂණයෙන් සනාථ වුනා"

සිරියාවේ උතුරුකරයට පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 04) එල්ලවූ ප්‍රහාරය සඳහා රසායනික අවි භාවිතකර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි තුර්කිය පවසයි.
සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ගේ හමුදාව මෙම ප්‍රහාරයට වගකිය යුතු බව තුර්කියේ අධිකරණ අමාත්‍ය බැකියර් බොස්ඩා කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිරියාව මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර රුසියාව පවසා තිබුණේ කැරලිකරුවන් විසින් තනන ලද අවි ගබඩාවකට ගුවනින් පහර දීමේදී එහි තිබූ රසායනික අවිවලින් මාරාන්තික විෂ වායුවක් පිටවී ඇති බවය.
"මනුෂ්‍යත්වයට නින්දාවක්"
මේ අතරතුර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම විෂ වායු ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ "එය මනුෂ්‍යත්වයට කරන ලද නින්දාවක්" බවය.
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු මෙම විෂ වායු ප්‍රහාරයෙන් පනස් හැත්තෑ දෙදෙනෙකු මරණයට පත්වූ බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන්නේ මෙම ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් වන අතර ඉන් 20 දෙනෙකු ළමුන් බවය.
මහා මාර්ගයේ සිටියදී විෂ වායු ප්‍රහාරයට ගොදුරු වූ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් හුස්ම ගැනීම අසීරුව පීඩා විඳිමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට නිකුත්වී තිබේ.




