සිරියාව: යුද අනාථයන් ඉවත්කර ගැනීම අවිනිශ්චිත තත්වයක

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගම්මාන දෙකක සිටින තුවාලකරුවන් සහ රෝගීන් ඉවත්කිරීමට පැමිණි බස් රථ කීපයකට කැරලිකරුවෝ ගිනි තැබූහ.
මේ අනුව නැගෙනහිර අලෙපෝ නගරයේ කොටුවී සිටින ජනතාව ඉවත්කිරීම සඳහා දරන ප්‍රයත්නය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.
මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ආහාර සහ නවාතැන් නොමැතිව කොටුවී සිටින බව වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යුනිසෙෆ් ආයතනය පවසන්නේ කොටුවී සිටින පිරිස අතර තුවාල ලැබූ ළමුන් ද සිටින බවය.
කෙසේ නමුත් එම ප්‍රදේශයට බස් රථ කීපයක් ඇතුළුවීමට සමත් වී ඇතිබව සිරියාවේ මානවහිමිකම් පිළිබඳ නිරීක්ෂක කණ්ඩායමක් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AP
මේ අතරතුර නැගෙනහිර අලෙපෝ නගරයේ සිරවී සිටින සාමාන්‍ය වැසියන් ඉවත්කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත්වී ඇති යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමට තම නිෂේධ බලය පාවිච්චි කරන බව රුසියාව පවසයි.
2011 පටන් සිරියානු යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ යෝජනාවලි හයක් ප්‍රතික්‍ෂේප කිරීමට රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කර තිබේ.






