'සිය නිවසම සොහොන කරගත්' අලෙප්පෝ වැසියෝ

'සිය නිවසම සොහොන කරගත්' අලෙප්පෝ වැසියෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP

සිරියාවේ අලෙප්පෝ හි නැගෙනහිර කලාපයේ කොටුව සිටින සන්නද්ධ කැරලිකාර කණ්ඩායම් කලාප හයකින් සිය ප්‍රහාරකයන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

සිරියානු මානව හිමිකම් නිරීක්ෂනාගාරය ප්‍රකාශ කළේ අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ සම්පූර්ණයෙන්ම බලය තහවුරු කර ගැනීමට රජයේ හමුදා කණ්ඩායම් සමත් වෙමින් සිටින බවය.

කැරලිකරුවන් සමග මුසු වුනු සිවිල් වැසියන්ද දහස් ගණනින් නගරයේ නැගෙනහිර කලාපය හැර දමා පලා යමින් සිටින බව ඔවුහු පවසති.

'සිය නිවසම සොහොන කරගත්' අලෙප්පෝ වැසියෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP

කෙසේ වෙතත් ෂෙල් වෙඩි වරුසා මැද හිස් ලූ ලූ අත දුවන ජනතාව මහත් ඛේදජනක තත්වයකට මුහුණ දී සිටින බව නැගෙනහිර අලෙප්පොවේ ගුරුවරයකු බීබීසියට ප්‍රකාශ කළේය.

බෝම්බ පිපිරීම් වලින් කඩා වැටුණු ගොඩනැගිලි වල සුන් බුන් අතර සිරව සිටින පිරිස් ගලවා ගැනීමටවත් සහන සේවා කණ්ඩායම් නොමැති අතර ඔවුන්ගේ නිවෙස්ම සොහොන් කොත් බවට පරිවර්තනය වෙමින් ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.