ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියාව පිළිබඳ ඉවසීමෙන් කටයුතු කරන්න - චීනය
සිරියානු අර්බුදය පිලිබඳ කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්නැයි චීනය ඉල්ලා සිටියි.
ඕනෑම තත්වයක් යටතේ රසායනික අවි භාවිතයට බෙයිජිං පාලනය එරෙහිවන නමුත් පවතින තත්වය තවත් නරක අතට හැරීමට ඉඩ නොදීය යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
චීන ජනාධිපතිවරයා ඇමරිකාවේ ෆ්ලොරිඩාහිදී ජනාධිපති ට්‍රම්ප් සමග ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වරට මුහුණට මුහුණලා සකච්ඡා පවත්වමින් සිටියදී සිරියාවේ ඇමරිකානු මිසයිල් ප්‍රහාර පිලිබඳ වාර්තා විය.
කෙසේවුවද, උතුරු කොරියානු ප්‍රශ්ණය සහ ඇමරිකානු- චීන වෙළඳ ගනුදෙනු පිළිබඳව දෙරටේ නායකයින් දෙදෙනා අතර පවතින සාකච්ඡා සිකුරාදා දිනයේදීත් නොකඩවා සිදුවෙමින් පවතී.
ඇමරිකාව මීට පෙර පවසා තිබුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික සහ බැලස්ටික් මිසයිල වැඩිදියුණු කිරීම අවසන් කිරීමට චීනය තම ආර්ථික බලපෑම් භාවිතා කළ යුතු බවය.