ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට එරෙහිව එක්සත් ජනපදය තනිවම ක්‍රියා කරනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

Financial Times පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ "උතුරු කොරියාවේ ප්‍රශ්නය විසඳීමට චීනය පියවර නොගන්නේනම් එක්සත් ජනපදය එය විසඳනු ඇති" බවය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ චීන ජනාධිපති සී ජින්පිං හමුවීමට දින කිහිපයක් තිබියදීය.

මුහුණට මුහුණ

ෆ්ලොරීඩා හිදී පැවැත්වෙන මෙම හමුවේ ප්‍රධාන මාතෘකාව උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනය වනු ඇති බවට විශ්වාස කරේ.

නිල සාකච්ඡාවක් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවන්නේ ප්‍රථම වතාවටය.