චීනය ඩොනල්ඩ් ට්‍රම්ප් අනාගත පාලනයට අනතුරු අඟවයි

තායිවානය සම්බන්ධයෙන් බේජිං පාලනය අනුගමනය කරන පිළිවෙතට අත පෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයට එන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය දරන ඕනෑම ආකාරයක ප්‍රයත්නයක් මගින් තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරභාවයට බරපතල බලපෑමක් ඇතිවිය හැකි බවට චීනය අනතුරු අඟවයි.

චීනයේ තායිවාන් සබඳතා භාර කාර්යාලය විසින් එම ප්‍රකාශය ඇතුළත් නිවේදනය නිකුත් කරනු ලැබුණේ, බේජිං පාලනය අනුගමනය කරන මූලධර්මය වන 'එක චීනයක්' පිළිවෙත සමඟ එක්සත් ජනපදය බැඳී නොමැති බව ඇමෙරිකානු ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටීමෙන් පසුවයි.

වැඩෙමින් ඇති චීන-ඇමෙරිකානු සබඳතාවන්හි දේශපාලන පදනම වන්නේ 'එක චීනයක්' පිළිගැනීමේ මූලධර්මය මත වනබව ඉහත කී චීන තායිවාන් සබඳතා භාර කාර්යාල ප්‍රකාශනයේ දැක්වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍-වෙන්(Tsai Ing-wen) අතර පසුගියදා සිදු කෙරුණ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් බේජිං