ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝසුල් ගුවන් ප්‍රහාර: 'මළ සිරුරු තවමත් සුන්බුන් යට'
ඉරාකයේ මෝසුල් නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලට ලක්වූ සාමාන්‍ය වැසියන් තවමත් සුන්බුන් වලට යටවී සිටින බව නගරවාසීහු පවසති.
ප්‍රහාර වලින් තම පවුලේ සාමාජිකයන් නම දෙනෙකු මරණයට පත්වූ බව බීබීසීය සමග පැවසූ එක් කාන්තාවකට අනුව සියයකට වැඩි මළ සිරුරු සංඛ්‍යාවක් තවමත් සුන් බුන් අතරින් සොයාගත යුතුව තිබේ.
බටහිර මෝසුල්හි බීබීසී වාර්තාකරු පැවසුවේ අද (මාර්තු 25) දිනයේදීත් ගුවන් ප්‍රහාර රැසක් සිදුවුණු බවය.
ප්‍රදේශයෙන් පලායන පිරිස් වල සිටින පිරිමින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන්දැයි සොයා බැලීම සඳහා ඔවුන්ගේ පවුල්වලින් වෙන්කොට රැගෙන යනබව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉරාකයේ සිටින ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් දෙසීයක පමණ පිරිසක් මරණයට පත්වූ බවට පළවන වාර්තා පිළිබඳව ඇමරිකානු හමුදාව විසින් පරීක්‍ෂණ අරඹනු ලැබ තිබේ.