ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් නුවර හදිසි ආරක්ෂක තත්වයක්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත වාහන ගැටීමක විශාල හඬක් ඇසුණු බව සඳහන් කරමින් දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇත.
තුවාල ලත් පුද්ගලයින් කිහිපදෙනෙකුට ප්‍රතිකාර කරන ආකාරය මෙන්ම පිහියක් අතින් ගත් අයෙකුද දුටු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිය කාර්යාල තුලම රැඳෙන්නයි උපදෙස් නිකුත් කොට තිබේ.
පොලිසිය උපුටා දක්වමින් බීබීසී හි ලොරා කුන්ස්බර්ග් බවසුවේ යම් පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවය.
වෙස්ට්මිනිස්ටර් පාලම මත වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන්ට කැඳවීමක් ලැබී ඇති බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සඳහන් කළේය.
ලන්ඩන් නුවර ප්‍රවාහන සේවය සඳහන් කළේ පොලිසියේ ඉල්ලීම මත වෙස්ට්මිනිස්ටර් උමං දුම්රිය ස්ථානය වසා දැමු බවය.
මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.