ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සමාජ මාධ්‍ය ජාලයෙන් ළමුන් බේරා ගනිමු'
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවා හරිනු ලබන බොරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) හඳුනා ගැනීම සම්බන්ධයෙන් පාසල් මගින් සිසුන් දැනුවත් කළ යුතුව ඇතැයි මුල්පෙළේ බුද්ධි මණ්ඩලයක් පවසයි.
එම අදහස ඉදිරිපත් කරන ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) සමාජ මාධ්‍ය ජාල සියුම්ව පිරික්සීම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් හඳුන්වා දීමට පියවර ගනිමින් ඇත.
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය හැටකට අධික රටවල අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන ආයතනයකි.
වත්මන් සිසුන් කරුණු ගවේෂණයේ දී අන්තර්ජාල තොරතුරු මත ප්‍රධාන වශයෙන් යැපෙන බව එම සංවිධානයේ අධ්‍යාපනය භාර ප්‍රධානී අන්ද්‍රේයාස් ශෙලිෂර් (Andreas Schleicher) පෙන්වා දෙයි.
අන්තර්ජාල කරුණු ගවේෂණය අභ්‍යාස පොත් සහ විශ්වකෝෂ මත රඳා පැවැත්මට වඩා ව්‍යාකූල කාර්යයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.