ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) ප්‍රචාරයෙන් වළකිමු'
ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රචාරක කටයුතු සහ වැරදි තොරතුරු මහාපරිමාණයෙන් ව්‍යාප්ත කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් පළකිරීමේ නිදහස් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන කීපයක් මැසිවිලි පළකරති.
එම ඉල්ලීම කරනු ලැබ තිබෙන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටු නියෝජිතයා සහ තවත් කලාපීය නිරීක්ෂණ ආයතන තුනක් විසිනි.
ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය, OSCE සහ මානවීය සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන අෆ්රිකානු කොමිසම ඉහත කී ඉල්ලීම කරන සෙසු සංවිධාන තුනයි.
නොමග යවන සුළු එවැනි තොරතුරු ප්‍රචාරය ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) ලෙස හැඳින්වෙයි.
එවැනි ප්‍රවෘත්ති විසුරුවා හැරීමෙන් වළකින ලෙස ඉහත කී ජාත්‍යන්තර සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ලෝකයේ ආණ්ඩුවලින් ඉල්ලීමක් කරඇත.
එහෙත් ඒ අතරම මාධ්‍යයට තර්ජනය කිරීම හෝ මාධ්‍ය වාරණය හෝ විවේචනාත්මක වෙනස් මත දැරීම මර්දනය කිරීම සඳහා ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) ආයුධයක් කර නොගන්නා ලෙසත් එම ජාත්‍යන්තර සංවිධාන ආණ්ඩුවලට කියා සිටිති.