ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු කොරියාව, මැලේසියාව 'ඇහැට ඇහැක්' න්‍යායක
උතුරු කොරියාව ජාත්‍යන්තර සම්මතයන් නොසලකා හරිමින් කටයුතු කරන බවට මැලේසියානු අගමැති නජීබ් රසාක් චෝදනා කරයි.
ඔහු එම ප්‍රකාශය කළේ පියොන්ග්යැන්ග් පාලනය විසින් මැලේසියානු ජාතිකයන්ට උතුරු කොරියාවෙන් පිටවීම තහනම් කරමින් කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
උතුරු කොරියාව විසින් පනවනු ලැබූ නියෝගයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අගමැති නජීබ් රසාක් මැලේසියාවේ සිටින උතුරු කොරියානු වැසියන්ට රටින් පිටවීම තහනම් කළේය.
පසුගිය මාසයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොහොයුරු කිම් ජොන් නාම් ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ දී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් මැලේසියාව විසින් දියත් කරනු ලැබූ අපරාධ පරීක්ෂණය මෙම ආරවුලට තුඩු දී තිබේ.
රට තුළ සිටින බවට විශ්වාස කෙරෙන තවත් උතුරු කොරියානු සැකකරුවන් කීප දෙනෙකුගෙන් කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මැලේසියාව බලාපොරොත්තු වේ.
මැලේසියාවේ සිටින උතුරු කොරියානු වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් මෙම තහනම් නියෝගය පැනවීමට ක්‍රියා කළ බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියානු ජාතිකයන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට මැලේසියාවේ සිටින නමුත් උතුරු කොරියාවේ සිටින්නේ මැලේසියානු ජාතිකයන් එකොළොස් දෙනකු පමණි.