ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොන් නාම්: 'ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කරලා'
ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපොළේදී උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය කිරීම සඳහා ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි මැලේසියාවේ පොලිසිය පවසයි.
ජනසංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබ තිබෙන "වී එක්ස්" (VX) නම් එම විෂ රසායනයේ ග්‍රෑමයකින් සියයෙන් එකකින් පුද්ගලයකු ඝාතනය කළ හැකිය.
කිම් ජොන් නාම් ට එල්ල වූ විෂ රසායන ප්‍රහාරයෙන් දින එකොළහකට පසුව ගුවන් තොටුපොළේ තවමත් විෂ රසායනයේ කොටස් ඉතිරිව තිබේදැයි සෙවීම පිණිස පරීක්ෂණයක් දියත් කළ බව මැලේසියාවේ බලධාරීහු පවසති.
සීසීටීවී දර්ශන ප්‍රකාර කිම් ජොන් නාම් ට විෂ රසායන ප්‍රහාර එල්ල කරන කාන්තාවන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් පසුව වමනය දැමූ බව ද පොලිසිය පවසයි.