ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොන් නාම් ඝාතනය: ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක්
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදර කිම් ජොන් නාම්ගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන උතුරු කොරියානු ජාතිකයන් හතර දෙනකු පිළිබඳව සෝදිසියෙන් සිටීමේ නියෝගයක් නිකුත් කරන මෙන් මැලේසියාවේ බලධාරීහු ජාත්‍යන්තර පොලිසියෙන් (Interpol) ඉල්ලීමක් කරති.
පසුගිය සතියේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළට පැමිණි කිම් ජොන් නාම් ඉලක්ක කොට විෂ ප්‍රහාරයක් එල්ලකර ඇතිබව මැලේසියාවේ බලධාරීහු පවසති.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට ගිනිකොන ආසියානු රටවලට අයත් කාන්තාවන් දෙදෙනකු සහ උතුරු කොරියානු ජාතිකයකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇති අතර, ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙමින් ඇත.
ඔවුන්ගෙන් හතර දෙනකු ප්‍රහාරය එල්ලකළ දිනයේම මැලේසියාවෙන් පලාගොස් ඇති බව පොලිසියේ විශ්වාසයයි.