ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් සහ අධිකරණය අතර ගැටුම් තවත් උත්සන්න වෙයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා නොදීමට තමා ගත් තීන්දුව අත්හිටවූ විනිසුරුවරයා විවේචනයට ලක් කළේය.
අදාළ විනිසුරුවරයා වෙත වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ , එම තීන්දුව නිසා 'යමක් සිදු වුනොත්' ඇමරිකානු ජනතාව ඒ සම්බන්ධයෙන් අධිකරණයට දොස් පැවරිය යුතු බවය.
ඇමරිකාවට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධයෙන් "ඉතාමත් සුපරීක්ෂාකාරීවන" ලෙස තමන් දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි.
අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක්
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකමින් ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද විධායක නියෝගය සියැටල් ප්‍රාන්ත විනිසුරුවරයා විසින් පසුගිය සිකුරාදා අත්හිටුවනු ලැබීය.
ජනාධිපති ට්‍රම්ප් ගේ විධායක නියෝගය අත්හිටවන ලද එම අධිකරණය නියෝගය තවදුරටත් බල පැවැත්වෙන අතර, අදාළ නඩුව සම්පූර්ණයෙන් විභාග කොට අවසන් වෙනතෙක් ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ඇමෙරිකානු වීසා බලපත්‍ර හිමියන්ට එරටට ඇතුළුවීමට අවසර ලැබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි.