ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් පාලනයේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය යළි ස්ථාපිත කිරීමට සහ රජයේ සරණාගත වැඩසටහන නැවත සලකාබලන තුරු නවතා දැමීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.
මෙයට ප්‍රතිචාර දක්වන ජනාධිපතිවරයා වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත්වන රටවල් හතක සංචාරකයන් සඳහා තමා පැනවූ වීසා තහනම් නියෝගයට බාධා පැනවීම සඳහා ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු දුන් තීන්දුව ඇමරිකා එක්සත් ජනපදය 'ත්‍රස්තවාදීන් වියහැකි' පුද්ගලයන් සඳහා විවෘතවීමට හේතුවක් වන බව පවසයි.
ට්විටර් පණිවුඩ මාලාවක් මුදාහරිමින් අධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව විවේචනයට ලක් කරන ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඒ මගින් 'භයානක පිරිස්'ඇමරිකාවට ඇතුල්වීම සිදුවනු ඇති බවය.
කෙසේවුවද, ප්‍රධානපෙළේ ගුවන් සමාගම් ඉහතකී රටවල මගීන්ට ඇමරිකාවට පැමිණීම සඳහා තම ගුවන්සේවා භාවිතා කිරීමට අවසර ලබා දීම ආරම්භ කර ඇත.