ට්‍රම්ප් කාටුනයට ඇයි මෙතරම් විවේචන?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සංකේතයක් ලෙස සලකන නිදහසේ ප්‍රතිමාවේ හිස කඳෙන් වෙන් කරන අයුරු දැක්වෙන කාටුනයක් මුල් පිටුවේ පළකිරීම පිළිබඳව 'ඩෙයර් ස්පීගල්' ජර්මානු සඟරාවට විවේචන එල්ලවෙමින් පවතී.
ජර්මනියේ ඇතැම් පුවත්පත් ද කාටුනය විවේචනයට ලක් කළ අතර යුරෝපා සංගමයේ ජර්මානු උපසභාපතිවරයා කියා සිටියේ මෙය 'නීරස උත්සාහයක්' බවය.
කාටුනයේ නිර්මාතෘ කියුබානු සම්භවයක් සහිත ඇමරිකානු කලාකරුවකුවන එඩෙල් රොද්‍රිගුවෙස් කියා සිටියේ ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ හිස ගසා දැමීම ඉන් සංකේතවත් කෙරෙන බවය.
ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන කලාව
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාව සහ ජර්මනිය අතර සම්බන්ධතා පිරිහී ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාසයේ මාධ්‍ය අමතා අදහස් දක්වමින් ජර්මානු චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල්ගේ ජාතික ප්‍රතිපත්ති විවේචනය කළේය.
ඔහු කියා සිටියේ චාන්සලර්වරියගේ ජාතික ප්‍රතිපත්තිය යටතේ ජර්මනිය වෙත ගලා එන විශාල සංක්‍රමණික රැල්ල 'මහා විනාශකාරී අත්වැරැද්දක්' බවයි.
කෙසේ වෙතත් ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාදයට තුඩු දෙන පාලන කලාව එම් ආකාරයට විවේචනය කර තිබෙන්නේ ජර්මානු මාධ්‍ය පමණක් ද නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg Businessweek

ඡායාරූප මූලාශ්‍රය, THEECONOMIST
ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහසේ ප්‍රතිමාවේ හිස ගසා දමන ආකාරය නිව්යෝර්ක් ඩේලි නිවුස් 2015 දෙසැම්බර් කලාපයක කාටුනයකින් නිරූපණය කොට තිබුනත් 'ඩෙයර් ස්පීගල්' කටුනය තරම් ප්‍රබල නිරූපණයක් එහි නොතිබූ බව විචාරකයෝ පවසති.
නිදහස් මාධ්‍ය ව්‍යාපාර වගකීම් විරහිත ලෙසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ නව පාලනයේ ප්‍රතිරූපයට හානි පමුණුවමින් සිටින බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.










