ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ට්‍රම්ප් තාප්පය' සහ 'ලෝප්‍රකට තාප්ප' ගැන මේ කරුණු දැන සිටියාද?
අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000 ක් දිග තාප්පයක් ඉදිකිරීම සඳහාවන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරයි.
මීටර 9 - 16 අතර උසින් යුත් යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය.
එමගින් මෙක්සිකෝවේ සිට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන්ට සිය රටට ඇතුළු වීමට නොහැකි වනු ඇති බව ඇමරිකාවේ රිපබ්ලිකන් දේශපාලනඥයන් සහ එම පක්ෂයේ ආධාරකරුවෝ පවසති.
මේවන විටත් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශ සීමාව තුළ වැටක් ඉදි කරනු ලැබ ඇත.
රටවල් අතර දේශ සීමා වෙන් කරමින් ඉදි කෙරුණු තාප්ප බොහොමයක් ඉතිහාසය පුරා දැකගත හැක.
1950 වසරේදී බටහිර සහ නැගෙනහිර වශයෙන් ජර්මනිය කලාප දෙකකට බෙදුණි.
ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පැවති කලාපය සහ සෝවියට් රුසියාවේ පාලනය යටතේ පැවති කලාපය එකිනෙක වෙන් කරමින් 1961 වසරේදී බර්ලින් තාප්පය ඉදිවිය.
බර්ලින් තාප්පය
ආරම්භයේ වැටක් වශයෙන් ඉදි කෙරුණ ද පසුව එය ඇතැම් ස්ථානවලින් මීටර 3.6 දක්වා උස කොන්ක්‍රීට් තාප්පයක් බවට පත්විණි.
කිලෝමීටර 100 ක දිගින් යුතු වූ බර්ලින් තාප්පයට කිලෝමීටර 66 ක් දිගින් යුතු වැටක් සම්බන්ධ වී තිබිණි.
චීන දේශ සීමාව වටා ඉදි කෙරුණු චීන මහා ප්‍රකාරයේ දිග නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් එය කිලෝමීටර 20,000 ක දිගින් යුක්ත වූ බව සාමාන්‍ය පිළිගැනීමයි.
චීන මහා ප්‍රකාරය
අභ්‍යවකාශයේ සිට චීන මහා ප්‍රකාරය දැකගත නොහැකිමුත් පෘථිවි කක්ෂයේ පහළ මට්ටමේ සිට එය දැකගත හැක.
එහි ඇතැම් ස්ථාන මීටර 7 ක් දක්වා උසින් යුක්ත වේ.
හැඩ්රියන් තාප්පය
ක්‍රිස්තුවර්ෂ 122 දී හැඩ්රියන් අධිරාජ්‍යයාගේ නියෝගයෙන් ඉදි වූ හැඩ්රියන් තාප්පය තට්ටු දෙකේ බස් රථයක උසට සමානය.
එංගලන්තය සහ ස්කොට්ලන්තය වෙන් කරමින් ඉදි වූ හැඩ්රියන් තාප්පයේ දිග කිලෝමීටර 117 කි.