ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් ‘තාප්පයට’ සැරසෙයි !
ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳීම ඇතුළුව ජාතික ආරක්ෂාව පිළිබඳව 'තීරණාත්මක දිනයක්' වෙනුවෙන් සැලසුමක් තමන් සතුව පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ අතර සංක්‍රමණිකයන් සීමාකිරීම සහ රටේ ආරක්‍ෂාව සහතික කෙරෙන විධායක නියෝග කිහිපයකට ජනාධිපති ට්‍රුම්ප් අත්සන් තැබීමට නියමිතව ඇත.
දේශ සීමාව හරහා තාප්පයක් බැඳීම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව වෙත ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් එකක් ලෙස සැළකේ.
සිරියාව, ඉරාකය සහ ඉරානය ද ඇතුළුව වැඩිවශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් හතක පුරවැසියන් සඳහා දැඩි වීසා නීතිරීති පැනවීමේ හැකියාව පිළිබඳව සළකා බලන බව ද ඔහු පැවසීය.
වොෂින්ටනයේ සිටින බීබීසී වාර්තාකරුපවසන්නේ, සිරියානු සරණාගතයන්ගේ වර්තමාන තත්වය සැළකීමේදී මානවහිමිකම් සංවිධාන මෙම තීරණ මගින් ප්‍රකෝපයට පත්වියහැකි බවය.