ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ගෙන් මාධ්‍යයට වාග් ප්‍රහාරයක්
සිය පදවි ප්‍රාප්ති උළෙල සඳහා සහභාගී වූ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කරන බවට ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට චෝදනා කරයි.
මාධ්‍ය වෙත දරුණු වාග් ප්‍රහාර එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ සිකුරාදා පැවති සිය පදවි ප්‍රාප්ති උළෙල සඳහා අවම වශයෙන් පුද්ගලයන් දස ලක්ෂයක්වත් සහභාගී වී සිටියේ යැයි තමන් විශ්වාස කරන බවය.
පදවි ප්‍රාප්ති උළෙල සඳහා සහභාගී වූ පිරිස ඉතිහාසයේ මෙතෙක් එක් රැස් වූ විශාලතම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව යැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මාධ්‍ය ලේකම් සීන් ස්පයිසර් පැවසීය.
2009 වසරේ හිටපු ජනපති ඔබාමා ගේ පදවි ප්‍රාප්ති උළෙල සඳහා සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් ජනාධිපති ට්‍රම්ප් ගේ පදවි ප්‍රාප්ති උළෙල සඳහා සහභාගී වී සිටි බව ඡායාරූපවලට අනුව පෙනී යයි.
තමන් මාධ්‍ය සමග සංග්‍රාමයක යෙදී සිටින බව පවසන ජනාධිපති ට්‍රම්ප් විසින් මාධ්‍ය හඳුන්වනු ලබන්නේ ලොව සිටින වඩාත් වංක කණ්ඩායම ලෙසය.