ට්‍රම්ප් ඔබාමා පාලනයේ බොහෝ පියවර අහෝසි කරයි

President Donald Trump signs first executive orders in Oval Office in Washington, January 20, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා වශයෙන් විධායක නියෝගයකට අත්සන් තබමින්

සිය පූර්වගාමියා වූ බරක් ඔබාමා විසින් ගනු ලැබූ බොහෝ පියවර වහාම අහෝසි කිරීමට ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටියි.

හිටපු ජනාධිපති බැරක් ඔබාමා ආරම්භ කළ 'Obamacare' නමින් හඳුන්වනු ලබන සෞඛ්‍ය ආරක්ෂණ පනත සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අවම කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීම, ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා වශයෙන් ගනු ලැබූ ප්‍රථම පියවර අතරින් එකකි.

'Obamacare' සෞඛ්‍ය ආරක්ෂණ පනත අහෝසි කරන බවට ජනපති ට්‍රම්ප් ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රතිඥා දුන්නේය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඔබාමා පාලනයේ මූලෝපායන් ඉවත් කරන බවට ට්‍රම්ප් දුන් මැතිවරණ පොරොන්දු මේ වනවිට ධවල මන්දිර වෙබ් අඩවියේද සඳහන් කොට තිබේ.

එසේම පැවති පාලනය විසින් සමරිසි අයිතීන්, ආබාධිත පුද්ගලයන් සහ සිවිල් අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු වෙනුවෙන් වෙන් කරන ලද වෙබ් පිටු ද ධවල මන්දිරය විසින් ඉවත් කරනු ලැබ ඇත.