ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් පදවි ප්‍රාප්ති උත්සවය අද
ඇමෙරිකාවේ හතළිස් පස්වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් පැය කිහිපයකින් වොෂින්ටන් නුවරදී දිවුරුම් දීමට නියමිතයි.
කෝටිපති දේපොළ ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප්, මතභේදයට තුඩු දුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකින් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබාගත්තේය.
ට්‍රම්ප්ට සහාය දක්වමින් සහ විරෝධය පළකරමින් දහස් ගණන් ජනතාව පිරිසක් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන වොෂින්ටන් නගරය කරා රැස්වෙමින් සිටිති.
එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහස් ගණන් පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, ආරක්ෂක මෙහෙයුමේ කොටසක් වශයෙන් කිලෝමීටර ගණනක් දිගට ජනතාව පාලනය කිරීමේ බාධක යොදවා තිබේ.
සිය පදවි ප්‍රාප්තියට පෙර දින ප්‍රසංගයකදී ආධාරකරුවන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාව තුළ වෙනස්කම් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය 'සියලුම රටවැසියන් සඳහා' උතුම් රටක් බවට පත්කරන බවට ප්‍රතිඥා දුන්නේය.
හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට නියමිතයි.