ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සෙල්ෆි තරුණියන්' මරුට
ඉන්දියාවේ දිල්ලි අගනුවර දුම්රිය මාර්ගයක් මත සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි නව යොවුන් තරුණියන් දෙදෙනෙකක් මරුමුවට පත් වූහ.
දුම්රියක් ඉදිරියට ඇදෙමින් තිබියදී රේල් පීලි මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට නව යොවුන් වියේ පසුවන තරුණියන් කණ්ඩායමක් උත්සාහ කොට තිබේ.
දුම්රිය තමන් ආසන්නයට පැමිණෙන විට ඒ අතර සිටි තරුණියන් දෙදෙනෙකු රේල් පීලි මතින් ඉවත් වීමට අපොහොසත් වී ඇති අතර දුම්රිය ඔවුන් මතින් ධාවනය වී ඇති බව පොලිසිය පැවසීය.
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවන මරණ ඉන්දියාවෙන් විශාල වශයෙන් වාර්තා වේ.
කානේගි මෙලන් විශ්ව විද්‍යාලය සහ ඉන්ද්‍රප්‍රස්ත තොරතුරු ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2014 - 2015 කාල සීමාව තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ මරණ 127 ක් ලොව පුරා වාර්තා වී ඇති අතර ඉන් මරණ 76 ක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජල මට්ටම ඉහළ ගිය ගංගාවක සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය ශිෂ්‍යයන් දෙදෙනෙකු පසුගිය වසරේදී මරුමුවට පත් විය.
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් දහඅට වියැති තරුණියක් මුහුදේ ගිලී මරුමුවට පත් වීමත් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අනතුරු සිදු විය හැකි ස්ථාන පහළොවක් ප්‍රකාශයට පත් කිරීමට මුම්බායි පොලිසිය කටයුතු කළේය.