ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංචාරකයා මිය ගියේ සෙල්ෆියක් ගන්න ගිහින්ද?
සීගිරියේ සිට හබරණ දක්වා ගමන් කරමින් සිටි යුක්රේන ජාතික පුරුෂයකු වල් අලියකුගේ ප්‍රහාරයෙන් මරුමුවට පත්වූයේ අලියා සමඟ 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයේදී තුවාල ලැබූ යුක්රේන ජාතික කාන්තාවක හබරණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඇයගේ තත්වය බරපතල නොවන බවත් වාර්තාවේ.
කුඩා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා වල් අලියකු දුටු අවස්ථාවේ යතුරු පැදිය නවතා ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේයි ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ.
එහෙත් එය සෙල්ෆි ඡායාරූපයක්ද යන්න තවමත් පැහැදිලි නැත.
දුර දිග සිතා නොබලා සෙල්ෆි ඡායාරූප ගැනීමේ භයානක ආදීනව පිළිබඳව ලොව පුරා විවිධ රටවලින් වරින් වර වාර්තා විය.
සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණියක් ඇද වැටී මිය යාමෙන් අනතුරුව ඉන්දියාවේ මුම්බායි නුවර පසුගියදා සෙල්ෆි තහනමක් පැන වුන අතර, අනතුරු සහිත ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීමේ භයානක ආදීනව පිළිබඳව රුසියාවේ ආණ්ඩුවද සිය රටවැසියන්ට අනතුරු අඟවා තිබුණි.