ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මොරොක්කෝව 'බුර්කාවට' වැට බඳී
බුර්කා ඇඳුම අලෙවිය, නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එරට වාර්තාවල දැක්වෙන පරිදි පැය 48ක් ඇතුළත තමන් සතු ඇඳුම් තොග අවසන් කරන ලෙස ව්‍යාපාරිකයන් වෙත ලිපි යවා ඇත.
මේ සම්බන්ධයෙන් මොරොක්කෝ රජයේ නිල නිවේදනයක් නොවුව ද, නම හෙළි නොකළ නිලධාරියකු පෙන්වා දී තිබෙන්නේ 'ආරක්ෂක කරුණු' මත එම තීරණයට එළැඹ ඇති බවය.
කෙසේ වෙතත් බුර්කාව තහනම් කිරීමට මොරොක්කෝව අපේක්ෂා කරන්නේද යන්න පැහැදිලි නැත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුවත් වෙබ් අඩවියකට පවසා තිබුනේ සිය අපරාධ රිසි සේ කරගෙන යාම සඳහා ඇතැමුන් මෙම ඇඳුම භාවිත කරන බවය.
මුළු සිරුර හා මුහුණ වැසෙන බුර්කාව මොරොක්කෝව පුරා එතරම් පුළුල්ව පැතිරී නොගිය ඇඳුමක්වන අතර, බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුම වන්නේ මුහුණ සම්පුර්ණයෙන් ආවරණය නොවන හිජාබ් ය.
කෙසේවුවද, 6 වෙනි මොහොමඩ් රජු නායකත්වය දරන උතුරු අප්‍රිකානු රාජධානියක් වන මොරොක්කෝව තුළ බුර්කාව පිළිබඳව ගෙන ඇති නව තීරණය සම්බන්ධයෙන් බෙදුනු අදහස් මතුවෙමින් ඇතැයි වාර්තා වේ.