ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්තාන අත්රුදහන්වීම්: ප්‍රධාන නගරවල විරෝධතා
පසුගිය සතිය ඇතුළත අතුරුදහන් වූ අනාගමික ක්‍රියාධරයන් සිව් දෙනා පිළිබඳ සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මානව හිමිකම් සංවිධාන පාකිස්තානයේ ප්‍රධාන නගර තුළ උද්ඝෝෂණයේ යෙදෙති.
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම කියා සිටියේ අතුරුදහන් වී සිටින ක්‍රියාධරයන් සිව් දෙනාම අන්තවාදය සහ වෙනස් මත නොඉවසීමේ තත්වය විවේචනය කරමින් අදහස් පළකොට ඇති බවය.
පාකිස්තාන හමුදාව එම ක්‍රියධරයන්ගේ වාචික විවේචනයට ලක්වී ඇති බව එක්සත් ජනපදය මූලස්ථානය කොටගත් හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සංවිධානය පැවසීය.
පාර්ලිමේන්තුවේ අවධානය
ඊයේ (ජන.09) පාකිස්තානයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අදාළ ක්‍රියධරයන්ගේ අතුරුදහන් වීම් සාකච්ඡාවට ලක් වී තිබේ.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස විපක්ෂ සෙනට් සභිකයෝ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
අතුරුදහන් වූ ක්‍රියාධරයන් සිව් දෙනා අතර සිටින සල්මන් හයිදර්, බටහිර පාකිස්තානයේ පිහිටි බලොචිස්තාන් පළාතේ සිදු වූ අතුරුදහන් කරවීම් දහස් ගණනකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අයෙකි.