කන්දීල්ගේ මරණයෙන් අවදි වූ පාකිස්තාන පාර්ලිමේන්තුව

පසුගිය ජූලි මාසයේ පවුලේ ගෞරවය රැකීමට යයි පැවසූ සිය සොහොයුරා අතින් පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් ඝාතනය විය. ඇගේ නම කන්දීල් බාලෝච්.

පවුලේ ගෞරවයට යයි කියමින් සිදු කෙරෙන ඝාතන වලට වැට බැඳීමට පාකිස්තානයේ නීති වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තුව සාකච්ඡා අරඹන්නේ කන්දීල් ඝාතනයෙන් පසුවයි.

මේ වන විට පාකිස්තාන නීතියට අනුව පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට යයි පවසමින් සිදු කරන ඝාතන වලට වැරදි කරුවන් වන පුද්ගලයන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සමාව හිමි වන්නේ නම් දඬුවමෙන් නිදහස් කිරීමේ බලය අධිකරණයට හිමි වෙයි.

කන්දීල්ගේ සොයුරා සහ ඥාති සොයුරන් ඇතුළු හතර දෙනකු මේ වන විට ඇගේ ඝාතනයට සැක පිට බන්ධනාගාර ගත කොට සිටිති.

නඩු විභාගය තවමත් අවසන් නොමැති බැවින් සිය පුතුට සමාව දී දඬුවමින් මිදවීමට ඔහු බලාපොරොත්තු වේ දැයි පාකිස්තාන වාර්තාකාරිනිය හානි තාහා කන්දීල්ගේ පියාගෙන් ප්‍රශ්න කළාය.

පාකිස්තාන සමාජ මාධ්‍ය මෙන්ම තරුණ පරපුර පාකිස්තානයේ කිම් කර්ඩැශයන් යනුවෙන් හැඳින්වූ කන්දීල් බාලෝච් ඝාතනයේ කතාවට හඬ පටයෙන් සවන් දෙන්න....