ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුදෙව් ජනාවාස ව්‍යාපෘතියක් හකුලා ගනී
ජෙරුසලමේ නැගෙනහිර කලාපයේ නව නිවාස පන්සීයක් ඉදිකරනු ලැබීමේ සැලැස්මක් සඳහා නියෝජිත ඡන්ද විමසීම කල්තැබීමට ජෙරුසලම් නගර සභාව පියවර ගනී.
එවැනි පියවරක් ගනු ලැබුණේ, පලස්තීන භූමියේ යුදෙව් නිවාස ඉදිකරනු ලැබීම නතරකරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටීමෙන් දින කීපයකට පසුවය.
ඇමරිකානු සබඳතා
ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව එම තීරණයට එළැඹුණු බව ජෙරුසලම් නගර සභාවේ නියෝජිතයෙක් බීබීසියට කියා සිටියේය.
දැනට ඇනහිට ඇති මැදපෙරදිග සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති අතරවාරයේ වොෂින්ටන් බලධාරීන් සමඟ සබඳතා තවදුරටත් පිරිහීම වළක්වා ගැනීමට එවැනි තීරණයක් ගෙන ඇති බවත් එම නියෝජිතයා ප්‍රකාශ කළේය.