පලස්තීන භුමියේ නිවාස ඉදිකිරීම නවත්වන්න - ආරක්‍ෂක මණ්ඩලය

අත්පත්කරගන්නා ලද පලස්තීන භුමියේ නිවාස ඉදිකිරීම නවතාලන ලෙස ඉල්ලමින් එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කර ඇති විසඳුම ඊශ්‍රායලය විසින් කෝපයෙන් යුතුව ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

මෙම විසඳුම් යෝජනාවලිය ලැජ්ජාසහගත එකක් බව පැවසූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශකළේ එහි අඩංගු කොන්දේසිවලට එකඟ විය නොහැකි බවය.

මෙම නව විසඳුම් යෝජනාවලියට සහය දක්වන්නන් වන නවසීලන්තය සහ සෙනගාලය යන රටවල තානාපතිවරුනට තම අභිමතයන් පිලිබඳ සිහිගන්වන ඊශ්‍රායලය සෙනගාලයට ලබාදෙමින් තිබූ ආධාරද කපා දමා ඇත.

කෙසේවුවද පලස්තීන ප්‍රකාශකයෙකු වන සයෙබ් එරිකාත් පැවසුවේ මෙම විසඳුම ජාත්‍යන්තර නීතිය ලැබූ ජයග්‍රහණයක් බවය.

ආරක්ෂක මණ්ඩලයේදී මෙම විසඳුම සම්මතවූයේ මෙතෙක් ඊශ්‍රායලයට සහය පළකරමින් සිටි ඇමරිකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම හේතුවෙනි.