ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අසීරු අඩියක
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලකුණු 181 ක් රැස් කරගෙන සිටියේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවී ගිය අතර, දිනය අවසානයේ නොදැවී ලකුණු 43 ක් රැස්කරගෙන සිටි තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වා, කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාය.
ඊට පෙරාතුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 286 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ.
තේරීම් කමිටුව 'කණස්සල්ලෙන්'
2011 දෙසැම්බරයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් අනතුරුව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි.
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බලපෑම් කළ බවට ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
මේ අතර කණ්ඩායම පිටත්වයාමට දින දෙකක් පමණක් තිබියදී කණ්ඩායමේ කළමනාකරු පදවිය දැරූ චරිත් සේනානායක ඉවත්කොට රංජිත් ප්‍රනාන්දු පත්කිරීමද ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ විවේචනයට ලක්විය.