ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලිංග, ප්‍රසාද්, තිසරට ක්‍රිකට් 'කොන්ත්‍රාත් නැහැ'
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයන් 17 දෙනා අතරට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ අංක එකේ ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ධම්මික ප්‍රසාද් ඇතුළත් නොවීම මේවන විට කතාබහට ලක්ව ඇත.
පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගත් ක්‍රීඩකයා වූයේ ධම්මික ප්‍රසාද් ය.
ආබාධ සහිත තත්ත්වයේ පසුවන එම ක්‍රීඩකයන් සුවය ලැබීමෙන් අනතුරුව ඔවුනට කොන්ත්‍රාත් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළ ද, දැනට කොන්ත්‍රාත් හිමිවී ඇති පිරිස අතර ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් ද සිටීම විශේෂත්වයකි.
'යළි මතගැටුමක්'
මෙම ක්‍රීඩකයන්ට අමතරව එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නියෝජනය කළ තිසර පෙරේරා සහ සචිත්‍ර සේනානායකගේ නම් කොන්ත්‍රාත් හිමිවූ පිරිසට ඇතුළත්ව නැත.
ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන්කිරීම සම්බන්ධයෙන් අද උදෑසන(ඔක් 21) යළි මතගැටුමක් ඇතිවූ බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් බීබීසි සංදේශය සමග පැවසුවේ ක්‍රීඩකයින් 17 දෙනා ම ගිවිසුම්වලට අත්සන් කළ බවය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් කොන්ත්‍රාත්වලට ගිවිසගත් ක්‍රීඩකයින් 17 දෙනා මෙසේය :
ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, සුරංග ලක්මාල් , ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලක්ෂාන් සඳකැන්.