ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් එකඟයි -තිලංග
ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දුන් නව කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තැබීමට සියලු ක්‍රීඩකයන් එකඟ වී ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
අද (ඔක් 20) රාත්‍රිය වන විට මූලික වශයෙන් එකඟතා ලිපියකට ඔවුන් අත්සන් තබනු ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය.
සභාපතිවරයා මේ බව කියා සිටියේ බීබීසි සංදේශය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
බිරින්දෑවරු
ක්‍රීඩකයන් විදෙස් තරග වලට සහභාගී වීමේදී මින් ඉදිරියට සිය දරුවන් රැගෙන යා නොහැකි බවත් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු විදෙස් සංචාර සඳහා එක්වන්නේ නම් ඒ වෙනුවෙන් වියදම් වන මුදල් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නොගෙවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
ඉදිරියේ පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සිදු නොවන බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.
සම්පූර්ණ සාකච්ඡාවේ හඬ පටයට ඉහතින් සවන් දිය හැකිය.