ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිම්බාබ්වේ තරගාවලියට නවක කණ්ඩායමක්?
නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළහොත් සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායමක් යැවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයෙක් පවසයි.
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික ගෙවීම සියයට දහයකින් වැඩි කරන ලෙසත් තරගාවලියක් වෙනුවෙන් ලැබෙන සහභාගිත්ව මුදලෙන් සියයට දහයක් තමන්ට ලබා දෙන ලෙසත් ක්‍රීඩකයන් ඉල්ලා සිටින බව ඩේලිමිරර් පුවත් පතේ ක්‍රීඩා විචාරක චම්පික ප්‍රනාන්දු පැවසීය.
පාලක මණ්ඩලය
කෙසේ නමුත් මෙම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී නොමැති බවත් ඔහු කියා සිටියේය.
නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම සඳහා ක්‍රීඩකයන්ට හෙට (ඔක්.20) වනතුරු කල් ලබා දී ඇති අතර එසේ නොකළහොත් ක්‍රිකට් පාලක මණ්ඩලයට පියවරක් ගැනීමට සිදුවනු ඇති බව චම්පික ප්‍රනාන්දු පවසයි.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර, ලබාගන්නා ලකුණු සහ කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබේ.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව මුදල් ගෙවීමටත් දේශීය තරග සඳහා ක්‍රීඩාකරන ක්‍රීඩකයන් වෙනුවෙන් යම් මුදලක් වෙන් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයට ක්‍රීඩා ඇමතිවරයාගේ ද එකඟතාවය පළ විය.