තෙල්මිල වැඩිවෙයි

'බ්‍රෙන්ට්' අමුතෙල් බැරලයක මිළ ඩොලර් පනස් හයකින් ඉහළ ගොස් ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බ්‍රෙන්ට්' අමුතෙල් බැරලයක මිළ ඩොලර් පනස් හයකින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ මුල්භාගයෙන් අනතුරුව ඛනිජ තෙල් මිලෙහි වැඩිම මට්ටම දැන් වාර්තාවෙයි.

තෙල් මිල විශාල මට්ටමකින් ඉහළ ගොස් තිබෙන්නේ ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) තෙල් නිපදවන වෙනත් රටවල් සමඟ නිෂ්පාදනය අඩු කිරීමට ගිවිස ගැනීමත් සමඟයි.

එම ගිවිසුමත් සමඟ 'බ්‍රෙන්ට්' අමුතෙල් බැරලයක මිළ ඩොලර් පනස් හයකින් ඉහළ ගොස් ඇත.

'ඔපෙක්' සංවිධානයට අයත් රටවල් එක දවසක නිෂ්පාදනය බැරල් දොළොස් ලක්ෂයකින් අඩු කිරීමට පසුගිය මාසයේ තීන්දු කළ අතර, එම සංවිධානයට අයත් නොවන රටවල් වියානා නගරයේ 'ඔපෙක්' මූලස්ථානයේ පැවැත්වුන සාකච්ඡාවක දී දිනක නිෂ්පාදනය බැරල් පන්ලක්ෂයකින් අඩු කිරීමට ගිවිස ගෙන ඇත.

තෙල් අපනයනය කරණ ප්‍රධාන රටවල් අවුරුදු පහළොවක කාලයක් ඇතුළත එවැනි පොදු එකඟතාවක් ඇතිකරගත් පළමු වතාව මෙයයි.