ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ
අධිකරණය විසින් වසර දෙකකට ආසන්න කාලයක් පනවා තිබූ විදෙස් සංචාරක තහනම ඉවත් කිරීමත් සමග අතපසු වූ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
"බැසිල් රාජපක්ෂ,2016.12.10 වැනි දින ඇමරිකාව බලා පිටත්ව යන ලදුව මේ වන විට එහි සුරක්ෂිතව ළඟා වී ඇත," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වේ.
"වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට පැමිණ පක්ෂය හා ආදරණීය ජනතාව සමග පෙරටත් වඩා වැඩි උද්යෝගයකින් හා උනන්දුවකින් වැඩකටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස තුනක කාලයක් රටින් පිටව සිටීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය දෙසැම්බර් 07 වන දින අවසර ලබා දුන්නේය.