ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැසිල් යළිත් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කොට පළාත් පාලන ආයතන වෙත කොඩි කණු බෙදා දුන් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණය වෙත රැගෙන ආවේ ගිලන් රථයකිනි.
තම සේවාදායකයාට මහාධිකරණයෙන් ඇප ඉල්ලා ඇති බව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේය.
අදාළ ඇප අයදුම්පත ලබන 08 වනදා සලකා බැලීමට නියමිත අතර එදිනටම නඩු විභාගය යළි කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝගය කළේ.