ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජනපතිනියට එරෙහිවෙයි
දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවකට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරියට එරෙහිව බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන චෝදනා එල්ලවී තිබේ.
මේ චෝදනා මත ඇයට පදවියෙන් ඉල්ලා අස්වීමට බල කෙරෙනු ඇති අතර ජනාධිපතිවරිය පදවියෙන් ඉවත්කරන්නේද යන්න තීරණය කිරීම ව්‍යවස්ථාමය අධිකරණයක් මගින් සිදුවෙනු ඇත.
ජනාධිපතිනී පාර්ක් ගේ පක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඇයට එරෙහිව දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බව වාර්තාවේ.
දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්ද දෙසිය තිස් හතරක් ලැබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද පනස් හයක් පමණි.
ජනාධිපතිනී පාර්ක්ට ඇගේ හිතවතියකවන චෝයි සූන් සිල් ට විශාල මුදලක් උපයාගැනීමට අවස්ථාව ලබා දීම සහ රජයේ ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීමට ඉඩ සැලසීම යන කරුණු මත චෝදනා එල්ලවිය.
මිළියන ගණනක් දකුණු කොරියානු ජනතාව පසුගිය සති කිහිපය තුළ උද්ඝෝෂණවල නිරතවූයේ ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙසට බල කරමිනි.