ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියා ජනපතිනියට එරෙහිව හයවන සතියටත් විරෝධතා
දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් ලක්ෂ ගණන් ජනතාව හයවන සතියටත් සෝල් නගරයේදී වීදි බැස අඛණ්ඩව විරෝධතාවක නිරත වෙමින් සිටිති.
එරට විපක්ෂ කීපයක් ජනාධිපතිවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගොනු කිරීමෙන් පැයකට පසුව අද දින විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ බව වාර්තාවේ.
මෙම දෝෂාභියෝග යෝජනාව පිලිබඳ ජන්ද විමසීම සඳහා ලබන සිකුරාදා එකසිය හැත්තෑ එක් දෙනෙකුගෙන් යුත් නීති සම්පාදකයින් විසින් ජාතික මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබේ.
මේ අතර ජනාධිපතිවරියගේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත්වීමට සිය මිතුරිය වන වංචනික චෝදනාවලට මුහුණ දී සිටින චෝයි සූන්ස්ලීට ඉඩකඩ සැලසීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සනාථ වුවොත් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පාක් ගුන් හෙයි ජනාධිපතිවරිය පැවසීය.