බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන්යානය කඩාවැටෙයි

ඡායාරූප මූලාශ්‍රය, Teleantioquia via Twitter
බ්‍රසීලයේ 'චැපෝකොඑන්ස්' පාපන්දු කණ්ඩායම ගමන්ගනිමින් සිටි ගුවන් යානයක් කොලොම්බියාවේ දී අනතුරට පත්විය.
එම පාපන්දු කණ්ඩායම කොලොම්බියාවේදී 'කෝපා සුඩ් අමරිකානා' තරඟාවලියේ අවසාන තරඟයට සහභාගීවීමට නියමිතව තිබූබව වාර්තාවේ.
මෙඩලින් නගරයට ගොඩබැස්සවීම සඳහා සුදානම් වෙමින් තිබූ ගුවන් යානයේ මගීන් අසූ එක් දෙනෙකු ගමන්ගනිමින් සිටි අතර එය කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අවම වශයෙන් පුද්ගලයන් හයදෙනෙකු රෝහල් ගතකර ඇති අතර දිවි බේරාගත් තවත් අය සිටිය හැකි බව බලධාරීහු පවසති.
දැනට හමුවී ඇති දිවි බේරාගත් අයගෙන් තිදෙනකු නම්කොට ඇති අතර එයින් එක් අයෙකු යානයේ කාර්යමණ්ඩලයේ සාමජිකයෙක්වේ.
අනෙක් දෙදෙනා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් බවද වාර්තාවේ
ගිලන්රථ සහ ගිනිනිවන රථ අනතුර සිදුවූ ස්ථානයට යවා තිබුණද පවතින වර්ෂාව හේතුවෙන් දිවිබේරාගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ලවී ඇත.
යානයේ දෝෂයක් පිළිබඳව නියමුවාගෙන් සංඥාවක් ලැබුණු බව පවසන ගුවන්පාලක මැදිරිය ගුවන්යානය ගිනි ගැනීමකට ලක් නොවූයේ ඔහු විසින් ඉන්ධන හිස්කිරීම හේතුවෙන් වියහැකි බවද පවසයි.
මෙඩලින් නගරාධිපතිවරයා වන ෆ්රෙඩ්රිකෝ ගුටියෙරෙස් එය ඇදහිය නොහැකි අනතුරක් බවය.









