ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට බංග්ලාදේශය වැට බඳී
රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා බංග්ලාදේශය විසින් මියන්මාර දේශසීමාව ඔස්සේ අමතර හමුදා කණ්ඩායම් යොදවනු ලැබ තිබේ.
පසුගිය දින කිහිපය තුළ ගංගා ඉවුරු හරහා රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පැමිණීමට උත්සාහ කිරීම නැවැත්වීමට කටයුතු කළ බව දේශසීමා ආරක්ෂකයෝ පවසති.
පසුගිය මාසයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බහුල ප්‍රදේශවල මියන්මාර හමුදාව විසින් මිනිසුන් මරාදමනු ලැබ තිබුණු බව වාර්තාවිය.
එහෙත් හමුදාව ප්‍රකාශකළේ දේශසීමාවට නුදුරු රඛින් පළාතේ කලහකාරී ප්‍රහාරකයන් පිරිසකට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමෙදී ඔවුන් මියගිය බවය.
කෙසේවුවද කාන්තාවන් දුෂණයට ලක්වන අතර මිනිසුන් මරාදමා නිවෙස් ගිනිතබා ඇති බව රෝහින්ග්‍යා ආරංචිමාර්ග පවසයි.