රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට බංග්ලාදේශය වැට බඳී

Rohingya camp

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශසීමාවට නුදුරු රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වෙසෙන කඳවුරක්

රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා බංග්ලාදේශය විසින් මියන්මාර දේශසීමාව ඔස්සේ අමතර හමුදා කණ්ඩායම් යොදවනු ලැබ තිබේ.

පසුගිය දින කිහිපය තුළ ගංගා ඉවුරු හරහා රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පැමිණීමට උත්සාහ කිරීම නැවැත්වීමට කටයුතු කළ බව දේශසීමා ආරක්ෂකයෝ පවසති.

පසුගිය මාසයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බහුල ප්‍රදේශවල මියන්මාර හමුදාව විසින් මිනිසුන් මරාදමනු ලැබ තිබුණු බව වාර්තාවිය.

එහෙත් හමුදාව ප්‍රකාශකළේ දේශසීමාවට නුදුරු රඛින් පළාතේ කලහකාරී ප්‍රහාරකයන් පිරිසකට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමෙදී ඔවුන් මියගිය බවය.

කෙසේවුවද කාන්තාවන් දුෂණයට ලක්වන අතර මිනිසුන් මරාදමා නිවෙස් ගිනිතබා ඇති බව රෝහින්ග්‍යා ආරංචිමාර්ග පවසයි.