ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුදල් නෝට්ටු: "ඉන්දියාව හදිසි තත්වයක් ආසන්නයේ"
රුපියල් පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය හදිසියේ ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව 'හදිසි තත්වයක්' ආසන්නයේ පවතින බව බටහිර බෙංගාලයේ මහ ඇමතිනිය පැවසුවාය.
මෙවැනි තත්වයක් තමා කිසිදා ඉන්දියාව තුළ නොදුටු බව බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමටාර් බනර්ජී ප්‍රකාශ කළාය.
තමන් තැන්පත් කළ මුදල් බැංකුවේ තිබියදීත් එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් ගෙවීමට නොහැකිව ජනතාව පීඩාවට පත් වී ඇති බව ඇය තවදුරටත් කියා සිටියාය.
අලුතින් මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් පැය හයක් හෝ හතක් බැංකු තුළ පෝලිමේ සිටියත් නව මුදල් නෝට්ටු හිඟයක් පවතින බැවින් බොහෝ දෙනා හිස් අතින් ආපසු පැමිණෙන බව කොල්කටා හි සිටින බීබීසී වාර්තාකරු පැවසුවේය.
කෙසේ නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටින්නේ රටේ දූෂණය තුරන් කිරීම සඳහා මෙවැනි තීරණ ගත යුතු බවය.
නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටියවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මුදල් නෝට්ටු අවලංගු කිරීම උපකාරීවන බව ඉන්දීය බලධාරීහු පවසති.
පන්සීයේ සහ දහසේ නෝට්ටු මාරු කිරීමේදී වෙළෙඳසල් හිමියන් එම නෝට්ටුවල නාමික අගයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ලබා දීමේ සිදුවීම් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.