ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුදල් නෝට්ටු අවලංගු කිරීමෙන් ඉන්දියාවේ දේශපාලන ආරවුල්
රුපියල් පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය හදිසියේ ගනු ලැබූ තීරණය හේතුවෙන් එරට දේශපාලන ආරවුල තවත් ගැඹුරු අතට හැරෙමින් ඇත.
නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටියවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මුදල් නෝට්ටු අවලංගු කිරීම උපකාරීවන බව ඉන්දීය බලධාරීහු පවසති.
පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කිරීමේ පියවර දුප්පත් ජනතාව බරපතළ ලෙස පීඩාවට ලක් කෙරෙන රජයේ තවත් කූටෝපක්‍රමයක් බව එම පියවර දැඩි විවේචනයට ලක් කළ දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් කියා සිටියේය.
පන්සීයේ සහ දහසේ නෝට්ටු වෙනුවට රජය විසින් හඳුන්වා දුන් අලුත් රුපියල් දෙදහසේ නෝට්ටු ප්‍රමාණවත් ලෙස බැංකුවලට සපයා නොමැති අතර බොහෝ ගම්වැසියන් ආහාරපාන සහ ඉන්ධන වෙනුවෙන් ගෙවීමට මුදල් නොමැතිව අපහසුතාවට පත්ව සිටිති.
පන්සීයේ සහ දහසේ නෝට්ටු මාරු කිරීමේදී වෙළෙඳසල් හිමියන් එම නෝට්ටුවල නාමික අගයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ලබා දීමේ සිදුවීම් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.
අවලංගු කරන ලද පරණ මුදල් නෝට්ටු වෙනුවට වලංගු අලුත් නෝට්ටු බැංකු සහ තැපැල් කාර්යාල හරහා එළඹෙන දෙසැම්බර් මස අගවන තෙක් ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලබා දෙන බව ඉන්දීය රජය ප්‍රකාශ කොට තිබිණ.